මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම පේරාදෙණිය

2021 මාර්තු කලාපය

තමා සත්‍යයෙන් නිර්මිත යැයි මගේ සොඳුරිය දිවුරන විට

<strong>When My Love Swears That She Is Made of Truth - Shakespeare</strong>

When my love swears that she is made of truth
I do believe her, though I know she lies,
That she might think me some untutored youth,
Unlearned in the world’s false subtleties
Thus vainly thinking that she thinks me young
Although she knows my days are past the best,
Simply I credit her false speaking tongue:
On both sides thus is simple truth suppressed
But wherefore says she not she unjust?
And wherefore not say I that I am old?
O, love’s best habit is in seeming trust
And age in love loves not to have years told:
Therefore I lie with her and she with me,
And in our faults by lies we flattered be.’

තමා සත්‍යයෙන් නිර්මිත යැයි මගේ සොඳුරිය දිවුරන විට
මම ඇය විස්වාස කරමි, ඈ බොරු කියන බව දැන දැනම
ලෝකයේ බොරු රැවටිලි ගැන කිසිත් නොදන්නා
මා නූගත් තරුණයෙකැයි ඈ සිතන්නට පුලුවන්
මා තරුණයැයි ඈ සිතතියි ආඩම්බර වෙමින්
මගේ හොඳ කාලෙ ගිහිං බව ඈ දන්නා නමුත්
මමත් ඔහේ ඇගේ බොරු වදන් පසසමින්
මේ විදිහට සරල ඇත්ත දෙපැත්තෙන් ම යටපත් වෙයි
එහෙත් තමා අසාධාරණ බව ඈ නොකියන්නේ ඇයි ?
මාත් මා මහලු බව නොකියන්නේ ඇයි ?
ආ ! ආදරයේ හොඳම පුරුද්ද ව්‍යාජ විශ්වාසයයි
ප්‍රේම කිරීමේ දී වයස, සැබෑ අවුරුදු ගණන කියන්නට අකමැතියි
ඒ නිසා මා ඇයටත් ඇය මටත් බොරු කියනවා
අපේ ඒ වැරදි තුල රැවටී අප සතුටක් ලබනවා
View Poem