උපාලි අත්තනායක මහනුවර

2022 අගෝස්තු කලාපය

තනිකම

තනිකමයි පාලුවයි
ගොම්මම්න් කලුවර
වටම ගිලගනී
සිතිජ ඉමෙි හිරු
බැස යන යාමෙි
සිතන්නන දෙයක් මට
තවත් ඉතිරි වී නැත
අද දවස කවදාද
හෙට දිනය කවදාද
අද මෙන්ම ගෙවී යයි
තනිකම සිතට කොඳුරයි
ඉතිරි වී ඇත්තේ
තනිකමයි පාලුවයි

රස බොජුන් මී විතට
බව බෝග සම්පතට
ඇදුනාද මිතුරු කැළ
කොතැනකද අද ඔවුන්
ළඟපාතවත් නොමැත
මගේ තනියට සිටිය
මැකී ගිය රුව වරුණ
මා මෙන්ම තනිවෙලා
සසර සැරි සරනවද

2022.07.25
View Poem