
තනිකම
තනි වෙලා මා රැයක කරුවල
පහන් සිල වූ එළිය ඔබමය
හැර දමා වෙන මගක අරුමය
වනු එපා කිසි දිනක නපුරය
සැඩ පහර මට එතෙර වන්නට
නුඹම විය පාරුවද එදවස
අසල මා අද පාළු තොටුපොළ
මගේ තනිකම නැවත රජ විය
දිවි ගමන මට නිතර රළුමය
බොහෝ තැන්වල මතක කටුකය
ඔබ රැඳුණු දින ගණන අල්පය
නමුත් ඒ ටික ඉතා මිහිරිය