මහාචාර්ය ටී. එල්. ගුණරුවන්

2022 මැයි කලාපය

ණයට කත පැස සිඳ - උගස නියතයි දැය බඳ

ණයට කත පැස සිඳ - උගස නියතයි දැය බඳ
රට දැයට හිත ඇඳ
අමාවක රැය නැති හඳ
සිතමි අඳුරෙහි ඉඳ
කෙලෙස සිඳුණි ද දිය අපගෙ ළිඳ ?
වැය අයට වැඩි සඳ
නැඟෙයි ඉහළට ණය කඳ
හැත්තෑ හතෙහි ඉඳ
එලෙස දැමුවෙමු අරුතෙ කොඳු බිඳ
සංචිත යැවෙත සිඳ
ගත්තෙමු බැඳුම්කර කඳ
නො දා රෝ මුල බිඳ
කල් ගතිමු දින, දැනෙන කුණු ගඳ
වැයට විනිමය මඳ
කලට හම්බන්තොට බැඳ
බදු දී විලස අඳ
යහට බීවෙමු නො රට හැදු කැඳ
ණයට කත පැස සිඳ
උගස නියතයි දැය බඳ
පුතුට රට නැති සඳ
ඇතත් විදුලිය, වෙයි එළිය බොඳ !
හෙටක් ගැන සිත ඇඳ
රටක් රැකුමට මන නඳ
නොවක් පොරණන් වැඳ
යෙහෙක් අරපිරිමැසුම රොද බැඳ ....!
ගුණරුවන්

2022 අප්‍රියෙල් 02
View Poem