නදී ශානිකා මහනුවර

2023 මැයි කලාපය

ජීවන දහම

එළියක් අවැසි කල, පහනක් වී එන්නම්.
තිරයක් වෙලා එම ගිනි මම උහුලන්නම්
මිහිරැති සදුන් කූරක් වී දැල්වෙන්නම්
පාවී සුවඳ දී හිත් යළි සනසන්නම්....

බුදු ගේ පහන ලඟ, මෙරුවන් රඟදීම
හොඳ නෑ උන්ගෙ, තටු මත ගිනි තැවරීම,
සුවඳැති මලක් වුනමුත් එහි පරවීම,
ජීවන දහම ලෙස, පිළිගත යුතු නේද?

අඳුරට බිය නැතත් සුළගට බිය වීම
කෙතරම් සුවඳමුත් උරුමය අලුවීම
පුද´සුන් මත මළත් නො-ලැබුණි සැනසීම
මොනදේ කළත් උරුමය සමුගෙන යෑම...
View Poem