
ජීවක
දරා අපමණ වෙහෙස
දිවා රෑ නොතකා
සුව කළත් ජීවිත
දස දහස් ගණනක්
යා නොදී මරු තුරුළට,
අන්තරාභවයද බලා
ආපසු ආ අයෙක්වත්
අතැඟිලි එකතු කර
විමසුවෙද නුඹගෙන්
නුඹද,
ජීවක වෙදැදුරාණන්..
සුළු අතපසුවකින්
නියපොතු තුඩක් කැඩුණොත්
දිගු වේවි නුඹ දෙසට
දබරැඟිලි දසදහසක්
නුඹය,
අංගුලිමාල වත්මන්…