ගුරු පඬුරු
හිරුත් සමඟින් පිපෙන මල් වල
සුවඳ හදවත සිප ගනිද්දී
නුඹේ නොවනා පැටව් තුරුළෙහි
හොවා සිප්කිරි දිය පොවද්දී
හමා ඇදෙනා සුළං සිසිලස
විඩාබර නෙතු මත හැපෙද්දී
හෙළා දහදිය කඳුළු මුතු කැට
කළා නුඹ සෙනෙහස පිරෙද්දී
සැරට වේවැල රිදුම් දුන්නත්
වැටෙන නෙතු කඳුළැලි දකිද්දී
තිබුණෙ නෑ මයි හිතේ තරහක්
හදවතේ දුක සිර කරද්දී
අදත් මතකය අරන් ඉඳහිට
තක්සලා දොර ළඟ හිඳිද්දී
එදා වාගෙම තවම පුදුමයි
හීන ගස්වල මල් පිපෙද්දී
අමර සාමලා විදු බිමේ තව
අන්න අර සල් මල් නෙළද්දී
නුඹ කියා දුන් අකුරු අමුණමි
අදත් නැණ ගුණ දම් වැඩෙද්දී
නුඹත් නොමැතිව හෙටක් කොතනද
උගත් වියතුන් නම් දරද්දී
ගැලූ සෙනෙහස ලොවක් නහවයි
සිපිරි ගෙයි දොරගුළු වැසෙද්දී
ඉතින් අවසර නුඹේ සුවඳින්
සෙනෙහසින් ළය තෙමා යද්දී
තබා සිරසම දෙපා නමඳිමි
නුඹේ දෑසින් ලොව දකිද්දී
ඇඹිලිපිටිය ..
සුවඳ හදවත සිප ගනිද්දී
නුඹේ නොවනා පැටව් තුරුළෙහි
හොවා සිප්කිරි දිය පොවද්දී
හමා ඇදෙනා සුළං සිසිලස
විඩාබර නෙතු මත හැපෙද්දී
හෙළා දහදිය කඳුළු මුතු කැට
කළා නුඹ සෙනෙහස පිරෙද්දී
සැරට වේවැල රිදුම් දුන්නත්
වැටෙන නෙතු කඳුළැලි දකිද්දී
තිබුණෙ නෑ මයි හිතේ තරහක්
හදවතේ දුක සිර කරද්දී
අදත් මතකය අරන් ඉඳහිට
තක්සලා දොර ළඟ හිඳිද්දී
එදා වාගෙම තවම පුදුමයි
හීන ගස්වල මල් පිපෙද්දී
අමර සාමලා විදු බිමේ තව
අන්න අර සල් මල් නෙළද්දී
නුඹ කියා දුන් අකුරු අමුණමි
අදත් නැණ ගුණ දම් වැඩෙද්දී
නුඹත් නොමැතිව හෙටක් කොතනද
උගත් වියතුන් නම් දරද්දී
ගැලූ සෙනෙහස ලොවක් නහවයි
සිපිරි ගෙයි දොරගුළු වැසෙද්දී
ඉතින් අවසර නුඹේ සුවඳින්
සෙනෙහසින් ළය තෙමා යද්දී
තබා සිරසම දෙපා නමඳිමි
නුඹේ දෑසින් ලොව දකිද්දී
ඇඹිලිපිටිය ..