රවීන්ද්‍ර ලක්මාල් දයාවංශ කටාර් රාජ්‍යය

2023 ජුලි කලාපය

ගිරි දුර්ග තරණය

සිදුව ඇත අපට
ගිරි දුර්ග තරණයට
ගිම්හාන සමයක
දුෂ්කරය, කටුකය

වස්සාන සිහින
හොවාගෙන පැසක
ගමන් අරඹමු ඉතින්
යා යුතුය, දිගටම

නොයන් දුර ඈතක
දැනෙයි මට සරතැස
සැඩ හිරු කිරණ වලකන
තුංග තුරු හිස නුඹය

සුපෙම් මල් පූදින
ලතාවකි නුඹ අසල
හෙට වසන්තය පිණිස
සිඹිනු මැන මුව මඬල
View Poem