ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගසක කදුලු

ගසක කදුලු

සුදර්මා වීරක්කොඩි
2024-July

කෝන් ගහෙ කොලෙන් කොලේ
සිලි සිලියයි නැල වුනේ …
ආදරයේ මතක බින්දු
දළු අගිනුයි ගිලිහුණේ ;;;;

යෝධ කඳේ සොදුරු බඳේ
දරා වැළඳ ගත් වැලේ
සුමුදු සොදුරු සියුමැලි සිල්
සුවඳ බිඳුනු සෙනෙහසේ …

සීත ලිදේ හිදුනු ජලේ
සෙනෙහෙ කදුලු සැගවුනේ
ගමහැරදා නුඹ ගියදා
සිත කොහේද පියැඹුවේ

සලිත අඳුරු හෙවන සගේ
කිත්කවනා හදවතේ
සොදුරු හැඟුම් ගිය හුළගේ
කොන් ගහයි තනි වුණේ …..

Photo credit;Jaimie Phillips