උද්‍යා මාධවී

2023 ජුලි කලාපය

ගමේ වගේ නොවෙයි අම්මේ

එදා සිකුරාද දවසක්
දූලි කොළඹින් හීන ඇහිඳින්
ගොඩක් උන් ගමේ යන හවසක්
ඒ නිසාම ඒක
ට්‍රැෆික් වැඩි වෙලාවක්
ලේන් හයක පාරක්

ගමේ වගේ නෙවෙයි අම්මේ
ඒක විසාල පාරක්
නුහුරු හින්දම වෙන්න ඇති මට
මාරුවුණා ලේන් එක
එකම එක සැරයක්

ඉඩ දුන්නේ නෑ කවුරුත්
පොඩ්ඩක් එහෙමෙහෙ වෙන්න
මගේ රෝද තුනටවත්
ඉස්සරහට මිස හැරෙන්නට
තිබුනේ නෑ පොඩිම පොඩි ඉඩක්වත්

මගහැරිල ගමට එන පාරට හැරෙන තැන...
මම ඇවිත් ගොඩක් දුරකට
ඉන්නෙ දැන් වන් වේ පාරකලු අම්මේ
ඉතිං තව යන්නම වෙනව
ඉස්සරහට
දැන දැන වුනත් වැරදි බව

ගමේ වගේ නෙවෙයි අම්මේ
ඒක හරි විසාල පාරක්...
නුහුරු උන් අපි වගේ
ඩැහැගන්න විසාල පාරක්...
View Poem