දසාරා සෙනෙවිරත්න හංවැල්ල

2023 දෙසැම්බර් කලාපය

ගමේ කඩේ !

පොඩි කඩ පිලකි
සරුබර නැත
ජය පහට

පොඩි පොඩි
කෑම සමඟින්
තේ රස බෝම

පත්තර දහක
විස්තර දත හැක
කදිම

කුසට ද ඔළුවට ද
ලැබදෙයි
හොඳ පදම

ලොකු ලොකු
කාර්වල එන
ලොකු මහත්තුරූ

චිරිස් බිරිස්
පළඳින
සුදු නෝනාවරූ

යතොත් මෙතැන
පහුකර
ගමනක් අතුරූ

එන බව කියයි
මුදලාලි
ඇතුව ගරුසරූ

බොයිලේරුවේ
තේ නිතරම
උණු වෙනවා

හැලප ලැවරියා
පිට්ටුත්
රස දෙනවා

ඉඳි ආප්ප
කිරි හොදි
බඩ පුරවනවා

ගමේ කඩේ
ලඟ කවුරුත්
නවතිනවා .... !

View Poem