![](https://londonkavi.com/wp-content/uploads/2023/02/Kapila-Kumara-Kavi-Book-cover-copy.png)
කෙටි කවි
“මට වචන
දෙක තුනක් ඇති”
සැබෑ කවියා කීය
මහා කවියෙකුට
……………………
දුම් දමන
තේ බඳුන
සෙමින් ඇල්වෙයි
කහට රස එලෙසමය
……………………
උදෑසන බස්රියේ
කවුළුව අසල
අසුන තවම
හිස්ය
………………….
බෝධියට යනා’තුර
දැක නැවතුණෙමි
මග අස
මහලූ මී ගස
………………..
සුළඟින්
බිම පතිත මල්
සුළඟින්ම ඉපිළෙයි
…………………
වාරු නැතිවුව
සැරසෙමි තරණයට
අවසන් නදිය ද
වැල් පාලමකි එහි
…………………..
බිඳුණු උළු අතරින්
වැටෙන වැසිබිඳු
ඉවසයි
මහලූ වළඳ
………………….
හැටෙන් ගිය පැන්ෂන්
සරස්වතී මැඩම්
ශ්රියා ඉදිකර දුන්
වැඩිහිටි නිවාසෙලූ දැන්
…………………..
සිර මැදිරි බිත
බිහිසුණු සුණු මත
දකීඔහු
ඈ රුව
…………………..
එක දිගට
වැටෙන වැහි බිඳු
හඬ මැද
උණුසුම්ය
ඈ සුසුම්