ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කෙටි කවි තුනක්

කෙටි කවි තුනක්

කපිල කුමාර කාලිංග
2024-June

අතරමං වීම

කරදිය මිදිණි
ශිත සෘතුවේ

උණුසුම් රටක සිට
දුරු ගමනක යෙදුණු

මිරිදිය දහර තැවෙන්නී
ආපසු යනු නොහී

ප්‍රමාද දෝෂයක්

පැයක් සිප ගනිමු’යි
ගිවිස
එලාමය තබා
ළංවීමු
එලාමය නොවැදුණි.

වැසි වළාව

වැස්සට පෙර
දැන්ම එන්න
සවසට මා නැත
වළා කුළක්
දෑත දිගු කරයි
මවෙත