කුමර විය
මනරම් වනපෙතට වැද රංචුවේ ගිය
ඉමිහිරි කුමර විය සිහිවෙයි ගෙවී ගිය
අහුලාගත්තු හැඩ වටකුරු සිවිය ගිය
දොඹ ගෙඩිවලින් මොනවද අපි නොකර ගිය
සුවිසල් ගස් මුදුන් අහසට නැගී ගියේ
අතු අග රිකිලි නැමිලා හරි බරට තියේ
දිමිගොටු කෑ ගසා වැදුනත් සිඟිති ලයේ
අඹ වෑරුවේ නැත අප හට බාල වියේ
ගල් තලා හැඩට පැතිරුණු බිමක් විය
රොන් සලා පිපුනු රණවර මල් ද විය
දං වෙරළු හිඹොටු මී අඹ ගහන විය
වැල් ගෙතුන වදුලු යට රජදහන විය
අරමේ ගිරි මුදුනෙ විසි හොල්මනට බයේ
නොසිටිය නමුත් නැත වීරත්වයට ගියේ
නායක හාමුදුරු අණසක පැතිර වුයේ
ගැටගහ සැරමිටිය හරහට පිටේ තියේ
හිස මුදුනින්ම තරු විසිවෙන ලකුණු දැනේ
ඇස කොණකිනි බැලුවෙ මිතු කැල පැනල වනේ
නොගැලුව කඳුළු ලජ්ජා සිත යටින් පෙනේ
සාදුට සාධු ගඟ දෙසටය තල්ලු වුණේ
දිය බුං ගසාලා තරඟෙට වැදි පැටියෝ
මඩ නාරාඩියෙන් වට සරසා සිටියෝ
උණ ගස් සෙවනෙ තොටුපොළෙ පිරි නාන ලියෝ
කළ අවහිරය ගැන යහමින් උරණ වියෝ
කිතුල් පිත්තෙ බැඳි නූලේ මැද පිල්ලේ
අල්පෙනෙත්ති බිලි කොකු දිය යට එල්ලේ
නුඹල තරම් අපි පණ්ඩිත නැහැ මල්ලේ
මින් රැළ සිනාසි බත්තුළු ඇම ගිල්ලේ
නුරා නඟාගේ ලෝකය වැලි කෙළියේ
කෝම්පිට්ටු කැඩිලා නඩු හබ එළියේ
හරි වැරැද්ද කාගෙද යනු පොත නොලියේ
කන් අඹරවාගත් අපි දන ඇන විළියේ
බළල් පැටව් බලු පැටවුන් ඇඟ එල්ලේ
එකට කා එකට නිදියති වැලිපිල්ලේ
තිරිසන් මිනිස් වෙනසක් නැත ලොව පෙල්ලේ
බාල විය කුජගෙ බැල්මෙන් දැඟලිල්ලේ
ගස් ගල් මල් පියලි තුළ අපෙ සතුට විය
සිත් පිරිසිදුව කල් ගෙවනා සමය විය
විශ්මය ගෙනා පල අදටත් සවිය විය
දුක් කරදර නොදුටු දිවියකි කුමර විය
ඉමිහිරි කුමර විය සිහිවෙයි ගෙවී ගිය
අහුලාගත්තු හැඩ වටකුරු සිවිය ගිය
දොඹ ගෙඩිවලින් මොනවද අපි නොකර ගිය
සුවිසල් ගස් මුදුන් අහසට නැගී ගියේ
අතු අග රිකිලි නැමිලා හරි බරට තියේ
දිමිගොටු කෑ ගසා වැදුනත් සිඟිති ලයේ
අඹ වෑරුවේ නැත අප හට බාල වියේ
ගල් තලා හැඩට පැතිරුණු බිමක් විය
රොන් සලා පිපුනු රණවර මල් ද විය
දං වෙරළු හිඹොටු මී අඹ ගහන විය
වැල් ගෙතුන වදුලු යට රජදහන විය
අරමේ ගිරි මුදුනෙ විසි හොල්මනට බයේ
නොසිටිය නමුත් නැත වීරත්වයට ගියේ
නායක හාමුදුරු අණසක පැතිර වුයේ
ගැටගහ සැරමිටිය හරහට පිටේ තියේ
හිස මුදුනින්ම තරු විසිවෙන ලකුණු දැනේ
ඇස කොණකිනි බැලුවෙ මිතු කැල පැනල වනේ
නොගැලුව කඳුළු ලජ්ජා සිත යටින් පෙනේ
සාදුට සාධු ගඟ දෙසටය තල්ලු වුණේ
දිය බුං ගසාලා තරඟෙට වැදි පැටියෝ
මඩ නාරාඩියෙන් වට සරසා සිටියෝ
උණ ගස් සෙවනෙ තොටුපොළෙ පිරි නාන ලියෝ
කළ අවහිරය ගැන යහමින් උරණ වියෝ
කිතුල් පිත්තෙ බැඳි නූලේ මැද පිල්ලේ
අල්පෙනෙත්ති බිලි කොකු දිය යට එල්ලේ
නුඹල තරම් අපි පණ්ඩිත නැහැ මල්ලේ
මින් රැළ සිනාසි බත්තුළු ඇම ගිල්ලේ
නුරා නඟාගේ ලෝකය වැලි කෙළියේ
කෝම්පිට්ටු කැඩිලා නඩු හබ එළියේ
හරි වැරැද්ද කාගෙද යනු පොත නොලියේ
කන් අඹරවාගත් අපි දන ඇන විළියේ
බළල් පැටව් බලු පැටවුන් ඇඟ එල්ලේ
එකට කා එකට නිදියති වැලිපිල්ලේ
තිරිසන් මිනිස් වෙනසක් නැත ලොව පෙල්ලේ
බාල විය කුජගෙ බැල්මෙන් දැඟලිල්ලේ
ගස් ගල් මල් පියලි තුළ අපෙ සතුට විය
සිත් පිරිසිදුව කල් ගෙවනා සමය විය
විශ්මය ගෙනා පල අදටත් සවිය විය
දුක් කරදර නොදුටු දිවියකි කුමර විය