චාන්දනී ආර් වේරගල මීගොඩ

2024 ජනවාරි කලාපය

කිඹුල කනවට වඩා

කිඹුල කනවට වඩා අසීරුව
කොහිල කටු ඇනෙන විට තමයි
ඔබෙ ඉතා සියුමැලි වෙනස් කම්
මගෙ සිතට දැනුනෙත් එහෙම මයි
අකුණු හඬ අසා සිටියත්
මදුරු කුරු කුරුව අමිහිරියි
අළු යටම ඇති පුපුරු මැද
ටිකෙන් ටික ඔබ මා දවයි
බොහෝ සේ විඩා බර සිතක
හැඟුම් සමුදාය රැළි නගයි
නෙත් විලේ දෑල තෙරපා
කඳුළු සේ රූරා ගලයි
වැටෙන බර කඳුලකි න් මිහි තලය
ඉරි තැලේදෝ මට බයයි
කඳුල පිසදා හැරියත්
ඒ දුක්ඛ නිරෝධය නෙමෙයි

Photo; Gaetano Cessati
View Poem