චරිත් හිරිපිටිය ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

2023 මැයි කලාපය

කළු-සුදු

බඹරෙකු සේ පියඹා ඇවිදින්
රොන් බී උන් සිත් රිසිසේ
වින්දා පහස තලමින් මල් පෙති
මල ගැන කිසිදා නෑ සිතුවේ
රොන් බී උන් මත් වුණමුත්
වින්දේ තම දිවි සිතුසේ
කඳුළුත් නෑ ඈ හට අඬන්නට
රිදුමන් මුසුවෙයි හෙළනා සුසුමේ...

විඳිනට ආවත් මල් පැණිවල රස
කිසිදා නෑ පෙති අග තැලුවේ
රොන් බී මල හැරදා ගිය ද
පිවිතුරු බව සැමදා රැඳුණේ
වෙන්නට හැකිනම් සමනලයෙකු
දහසක් බඹර රැඟුමන් අතරේ
රැකෙමින් සැමදා නොමැරී ඒ මල
හිනැහෙයි මිහිකත් ළය තුරුළේ...!
View Poem