
කහ පාට මල් පඳුර
කහ පාට මල් පඳුර
කෙමෙන් අහසට ඇදී
අවසන් වතාවට
ඔච්චම් පාන්නෙද
සොඳුරු ගෙමිදුල විසල්
හොරු අරගෙනවත්ද
ඉනක් තරමට උඩින්
මහ පාර දොරකඩය
කොහොඹ ගස කුට්ටි කර
පටවනවා පෙනේ
බෙළි අත්ත සොලවද්දි
ඉකි ගැසුවෙ ජනේලෙද
ගලාගෙන එන මතක
තද කර ගත හැකිද
පපුව හිරවෙනු දැනී
වාරු වුනි බිත්තියට
පාර පැන ගොම්මනේ
පිටත් වූවා සැනින්
කහ පාට මල් හෙටත්
සිනාසිය යුතු නැද්ද