චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

2022 අගෝස්තු කලාපය

කලාත්මක පැතුමන්

තාත්තෙ මොනවාද අඳින්නේ
අද මුහුරත් උළෙලට .......
මම නම් මඟුල් ගෙදරට
යනවා වාගෙයි අඳින්නෙ,....
කලාකරුවාණන් ගේ
දුරකථන පිළිතුරු තම පුතුට,...

සිංහබාහු චිත්‍රපට
මුහුරත් උළලේ,....
කැපීපෙනුණේ ඔබ
රන්වන් පැහැති ඇඳුමින්

නරඹන්නන් විස්මිත කරමින්
අයස්කාන්ත රංගනයෙන්
සිංහබාහු චරිතය පණ ගන්වමින්
කලා ලොව සොලවමින්
රඟ පෑ කලාකරුවානෙනි,......
උතුම් නිරෝගී සුව ලබමින්
එක්වන්න අප අතරට
සියලු දෙවි පිහිටෙන් !!!!

ගිඡිදානෙනි වන පෙත් අරණට
සොයාගෙන ඵන්නම්,.....
ලැබූ සැනකින් ඉන්ධන
වෘක්ෂ ලතාවන්ගේ
ඖෂධීය පිහිටෙන්
නිරෝගී සුවයක් ලැබ
එන්න අප අතරට
නොබියව,.....
ගිඡිදානෙනි,..
ඔබ නිදොස් කොට නිදහස්කර හමාරය.





16/7/2022
View Poem