ගාමිණී හේරත්

2023 අප්‍රේල් කලාපය

කල් ඉක්මවූ ආදරේ

කඳුළු නෑ මගේ නෙත් අඟේ තවත් දීමට නුඹ නමින්
සුසුම් නෑ මගේ හද ගැබේ හෙලනට නිදන රෑ තනියමේ
වදන් නෑ මට තවත් ගීපද ගොතන්නට නුඹ නමින්
තනි යහනේ නෑ තව ඉඩක් නුඹට එන්නට ගිය තැනින්

නැඟුණු සුසුමන් ලය තුළින් මිදිලා ගියා
හෙලන කඳුළැල් එකින් එක වියැළී ගියා
තෙපුල වදනින් ආදරේ හඬ ගොළු වී ගියා
නැවත එන්නට නුඹට බෑ දැන් කල් ඉක්ම වී ගියා

චුල්ල පදුම නොවේ මෙමා දීමට ලේ උර පලා
මනමේ කෙනෙක් වෙනු බෑ කුමරියට රැවටීලා
ගාමිණි වෙන්න බෑ සොයාඑන්නට චිත්‍රාව හුදකලා
සිටිනු මැන ගිය තැනක ඇයිද දැන් දුක්වෙලා
View Poem