
කඳුල නුඹවත් ……
නීල මොණරුන්
පියාඹා යති
කිසිම හව්හරණක් නැතී
ගැහෙන හදවත
නවත්වන්නට
උන්ට කිසි හයියක් නැතී
ඉදි කෙරූ සුවිසාල මන්දිර
දෙපා ලඟදිම බිම වැටී
කතා කරගන්නටත් බැරිවම
හුස්ම හිර වී මිය යතී
වාරු නැති දිවි
සරණ වෙන්නට
කිසිවෙකුත් අද ලඟ නැතී
කඳුල නුඹවත් තනිය මකපන්
අහිංසක මගෙ ලඟ රැදී