ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කන්තාරු කුමරි මං

කන්තාරු කුමරි මං

දිනුශි සිල්වා
2024-June

අත් හැර ගිය පෙම්වතාගේ මංගල දිනයේ දිව්‍ය පූජාවේදී පෙම්වතිය පියානෝ වයනව නම්..මෙහෙම හිතෙනව ඇති නේද …කව්දෝ ඈතින් කියනවා “වාසනාවන්ත කලිහීද අවාසනාවන්ත කල්හීද මම ඔබට ආදරය.කරනව කියලා.”ඒ විවාහ පොරොන්දුව දෙන වෙලාව.ඉතින් පෙම්වතියට මොනව හිතෙන්න ඇත්ද?

හීතලට පිට වෙච්ච ඒ වචන අස්සකින්
නුඹේ නම කියනවා යන්තමට ඇහෙනවා
ඝන්ටාරේ සද්දෙකට ඇහරිලා බලනකොට
අල්තාරෙ කනුවකට මාව අද වැහෙනවා

කප්පරක් හීන ළඟ සෙනග අද පල්ලියේ
ඒත් මට තනිකමකට නුඹ දිහා බැලෙනවා
වළ ගැසුනු කම්මුලින් ආයෙමත් මා දිහා
එක්වරක් බලනවද හිත හොරෙන් අහනවා

පුදසුනේ ගීතිකා ඔබ නමින් ගැයෙනකොට
වාදනේ කොච්චරක් අමිහිරිද අහනවා
නුඹ හොයපු රන් පාට ඒ මුහුණ දැකගන්න
සුදු වේල අරිනකොට මට ඉබේ ඇඬෙනවා

පුරාවට මෙච්චරක් දුන්නාට ආදරේ
අයිතියක් නෑ ඉතින් මන් ඒක දන්නවා
නොලැබුනත් අද ඉතින් හාදුවක් ඔබෙ නමින්
කන්තාරු කුමරි මේ නුඹට ගී කියනවා

අදත් හරි ලස්සන යි වෙනින් දාටත් වඩා
ඇගේ අත ගන්නකොට මගෙ කඳුළු පිපෙනවා
මතක මල් පිපුනාට කමක් නෑ දැන් යන්න
අත් හැරීමත් පෙමක් කිතු තුමන් කියනවා
ආදරෙයි නුඹ ගියත් මං එහෙම පතනවා

#dinulyrics