සචී ජයවර්ධන

2023 ජුලි කලාපය

ඕගසම්

වැල් බේරෙන පාළමක් උඩ
හිත් යායෙට වේලෙන්න දැම්මම
කරකුට්ටම් ම වෙන්න ළංවෙච්ච හදවත්

සෑහෙන්න කෑගැහුවා
සෑහෙන්න සද්දෙට
සෑහෙන්න ආදරේ ඕන වෙලා
පෑහෙන්නෙ නැති වැල් පාළම මැද

උන් හිතුවෙම
මුන්ට පිස්සු
තව පටන් ගත්තා විතරනේ
කල්යද්දි හරියයි කියලා

මංපහරපු උතුමන්ට
අමතක වුණා
කරදියෙන් උඩට ගත්ත හිත්
වැඩියෙන්ම ඇඩුවේ

කට්ටෙටම කරකුට්ටම් වෙන්න ළං වෙච්ච
ඕගසම් එකේදී කියලා...
View Poem