2021 අගෝස්තු කලාපය

ඔන්ලයින් කඳුළු

කැලේ අද්දර පාළු නිවෙසක
පුංචි උන්ගේ සෝ සුසුම් මැද
කඳුළු බොයි ඈ ලොවට රහසේ
විසඳුමක් නෑ පේන මානෙක

හඬන්නට තතු මා ඇසූ කල
මවා ගත්තත් සිනා මුවඟට
හදේ පතුලේ තෙරපෙනා දුක
කඳුළු අස්සෙන් ගලයි හෙමිහිට

තනියා හෙමිහිට ගමට එනකොට
අඳුර කැපුවේ හඳයි හවහට
කොහෙද සිගිනොල් එහෙව් ගමකට
පුංචි උන් කොහෙ ඉගෙන ගන්ටද

උරුම කරුමය අතේ ගුලිකොට
ඉපදුනත් මගෙ කුසේ කරුමෙට
මේ නරාවල උරුමෙ කියලා
කොහොම මං හිත හදා ගන්ටද

එකම වයසැති එකම ලේ ඇති
පුංචි පැටවුන් හැමතැනම ඇති
ගම් නගර නැත දේශ සීමා
පුංචි උන්ගේ හීන බෝ ඇති
View Poem