
ඒ රෝස මල
සිහින ඇතිරූ වලා යහනත
දුහුල් මිහිදුම් සළු මුවාකර
හමා යන විට සීත පවනැල්ලේ
නෙතට ගැටුණා ඒ රෝසමල
කදුළු වැස්සෙන් බිම තෙමාලන
පෙති එකින් එක හැලී විසිරෙන
රෝසමල වෙත ඇදෙන පවනැල්ලේ
සෙමෙන් මුමුණයි දෝ
ඇයට රහසේ
නුඹගෙ කදුලැලි නෙත තෙමාලන
නොමදැනේ බඹරිදුට රිදවන
සෙනෙහසක් හද දරා මියැදෙන ඒ
රෝස මල් පෙති දෝ
පවනෙ විසිරි
ගායනය – තිළිණ සුදේශ් වන්නිනායක
සංගීතය – නවරත්න ගමගේ
ගී පද රචනය – තීෂ්යා දුල්මිණි