ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒ.ඩී.රංජිත් කුමාර සමුගනී

ඒ.ඩී.රංජිත් කුමාර සමුගනී

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
2024-June

රිදී තීරයෙ මතක සටහන්
දුරාතීතයෙ සිටම මනරම්
වදන් ස්වරයෙන් අනවරතවම
දෘශ්‍ය තල පොත් පුවත්පත් හා
ජාතියට දායාද කළ ඔහු
සදානුස්මරණීය වේ මැයි
තවත් සිය දහසක් වසක්

දේශයේ වාසනාවට ලත්
ගැයුම් ලොව ගාන්ධර්වයන්
මහා යතිවරු කලාකරුවන්
මතක ශතකාධික කලක්
ඔබේ මනැසේ රැදී තිබුණේ
සසර වැඩු ස්මෘතී නැණින්

රූපවාහිනී තිර මතින්
ගලන ගගුලක් ලෙසින් පැවසූ
චරිත සුචරිත පුවත් සමගින්
ඔබේ බහුශ්‍රත බව නොදැක්කෝ
නොසිටියේ නම් අරුමයක්

දිගු කලක් මුල් පුටුව හෙඹවූ
එදා සරසවියට බැඳී
දාහතක් සම්මාන සරසවි
මෙහෙයවූ සුලවතාණෝ
ලියු චරිතාපදානය පෙර
නමින් කොස්ගස්හන්දියේ
අදත් ඇත ජන සිත් බැදී

ප්‍රබල සිනමා විවේචකයෙකු
හසල නැණවත් විමර්ශකයෙකු
පුවත්පත් කර්තෘ වරයෙකු
බුද්ධිමත් උත්කෘෂ්ට මිනිසෙකු
සත්‍යයට සැමවිටම ගරු කළ
නමින් රංජිත් කුමාරවු ඔහු
දැයෙන් සමුගෙන නිසල සිරුරත්
වෙදහලට දන්දුන් කෙනෙක්
ගුණය කිසිදා නොමියෙතත්
කාලයට ඉඩ හසර හිමිකොට
ඉදින් සමුගෙන යන්න අවසර

10/5/2024