පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2024 අප්‍රේල් කලාපය

එහෙව් පිරිමින් අසල බැඳෙනා....................

හීනි ලස්සන දිගැටි අතැඟිලි
තිබෙන්නේ ගැහුනුන්ට විතරද
යටැසි බැලුමන් හෙලා නොබැලූ
විලස ඉන්නේ ගැහැනු විතරද...

සුවඳ විලවුන් කොතෙක් ඇතිමුත්
ක්ලේශයක් සේ සියුම් තැන් වල
බලෙන් ඇලෙනා මිරාකලයකි
ස්ට්‍රෝං ස්මෙල් ඇති මෙන්ස් පර්ෆියුම්

වදන් දාහක් එකම වදනින්
කියා තත්පර අහුර ගන්නට
ආදරේ ගැන කියා දෙන්නට
පිරිමි දන්නවා වෙන්න බැරිමද...

වැරදි නෑ ඔබ රහල් හිමියනි
වැදි රජුත් ඒ වගේ වෙන්ඇති
එහෙව් පිරිමින් අසල බැඳෙනා
ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන...
View Poem