වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2024 පෙබරවාරි කලාපය

උල්පත්

ආදරේ හරි අමුතු විදියට
එබෙන්නේ නෙක වෙස්වළාගෙන
සාගරේ වැනි මහා වස්තුව
මුල් නොවෙයි හිත ඇල්ම ගෙනදෙන

රත්තරං මාලයක් මුද්දක්
වළල්ලක් දියමන්ති මුතු ඇට
සැබෑ සෙනෙහස උපද්දන්නට
උල්පතක් වෙනවා ද ඇත්තට

තිබහකට ඇල්වතුර උගුරක්
තේ එකක් උණුසුමට හවසක
කැඩුණු කුඩයක සෙවණ දාහෙට
ඇති කරයි ආදරය පපුවක
View Poem