
උපහාරය
අතකසයේ මුල් අතරින් බීජය මතුවෙලා
අතකසයෙන් ලනුකසයට සරසවි පිවිසිලා
කිවිඳු අනුර හෑගොඩ ගේ අරමුණු පලනෙලා
ලනුකසයක් යුරෝපයට මෙලෙස ජනිත වෙලා
දස්කම් ඇති කවි කිවිඳියො යුරෝපයට වෙලා
සරසවි දේවිගෙ උකුලේ සිටියෙලු ගුලි වෙලා
හෑගොඩ කිවිඳුන් ඇවිදින් ඔවුන් අවදි කළා
ලන්ඩන්කවි පොත සරසයි ඒ කවිකම ගලා
යුරෝපයේ ජිවත්වන අපෙ අය ගත්තම
කවි කිවිඳියො නැත අඩුවක් පෙන්වූ සිත්තම
මේ පොත බැලුවම හැඟේය කිවයුතු ඇත්තම
පූජනීය වෙයි හෑගොඩ අනුරගෙ දස්කම