දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2024 ජනවාරි කලාපය

උගතමනා ශිල්පය...!

පරිණත වන්නෙ මිනිසා, කියවීමෙන්ලූ...
අපෙ සිත එයට හුරුවන්නේ පිනකින්ලූ...
පොතපත කුඩාවුන් හට ලැබ දීමෙන්ලූ...
යහපත පල දරා බිහිවුනෙ උගතුන්ලූ...

දැකුමට ලොවක් ඉවහල් වන්නේ පොත් පත්...
සිතුමට පැහැදිලිව සකසයි මොල බොහොමත්...
පැතුමට ඉහළ නැගුමට, රුකුලකි යහපත්...
රැකුමට දරු මනස දියයුතු මේ ඔසුවත්...

සෙල් ෆෝනයේ ආගමනෙන් වූ හදිය...
ගල් පිලිමසේ ඉඳ ලබනව නෙවසුදිය...
සල්ලිය , කාලෙ ගිල දැමුවත් එම ලැදිය...
හිල් බඳුනකට දිය දැමු සේ, තව මදිය...

පොත් කප්පරක් තිබුණත් ගෙයි පල නැතය...
සිත් තුල නොමැති නම් එහි අන්තර්ගතය...
වත්කම ලබන දැණුමයි, මතු සම්පතය...
නැත්නම් පිහිටකට එන්නේ කොලපතය...


Photo from the Internet
View Poem