ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

2022 අගෝස්තු කලාපය

"ඊයේ" " අද" වූ හින්දා !!

ඊයේ රෑ බෙහෙත් බීලා
නැත්තෙ මොකද මහත්තයා
රෑ කෑමට යනකොට මම
අතටම දුන්නානෙ බෙහෙත්
කෑම කාල ගෙදර ආවෙ
මැදියම් යාමෙනෙ කොලුවො
ඇවිත් බලන කොට වෙලාව
රෑ දොළහත් පහුවෙලා නෙ
ඊයේ අද වූ හින්දා
ඒක බීවෙ නෑ කොලුවෝ
අද උදේට නියම බේත
අරන් වරෙන් දැන්ම බොන්ට!!

රම්‍යා අත්තනායක, මහනුවර

2022 ජූලි.12.
View Poem