ඉන්න හිතෙන තැනක් එතන,
කඳු වළල්ල මැද මනාව
සඳ හිරු තරු පා හිනාව
අසිරියෙ විසිතුර ගෙනාව
සොඳුරු අඩවියේ,
කිරි දිය වැල් බිම ගලාය
තුරුලිය හෙවනැළි හෙලාය
පවනින් සිහිලස සලාය
රම්‍ය දනව්වේ,
යල මහ සැදි හේන් කුඹුරු
සැමට සමව වෙමින් මිතුරු
පැලින් පැලට ගෙනත් ඉසුරු
අග හිඟ දුරලයි,
පුංචි එවුන් එකම පිලේ
රංචු ගැහෙන වෙලේ දොළේ
සතුටු සිනා දෝරෙ ගලන
නද විසිරෙනවා,
සඳ හිරු තරු පා හිනාව
අසිරියෙ විසිතුර ගෙනාව
සොඳුරු අඩවියේ,
කිරි දිය වැල් බිම ගලාය
තුරුලිය හෙවනැළි හෙලාය
පවනින් සිහිලස සලාය
රම්‍ය දනව්වේ,
යල මහ සැදි හේන් කුඹුරු
සැමට සමව වෙමින් මිතුරු
පැලින් පැලට ගෙනත් ඉසුරු
අග හිඟ දුරලයි,
පුංචි එවුන් එකම පිලේ
රංචු ගැහෙන වෙලේ දොළේ
සතුටු සිනා දෝරෙ ගලන
නද විසිරෙනවා,