ඇසළ පෙරහැර
ඇහැළ මලින් බරවී ඇත වැව වටම
පිළිගන්නට වැනිය පෙරහැර අද හෙටම
එළියට නොයා හිරවී සිටියත් ගෙටම
පෙරහැර ගෙනෙන අසිරිය ඇත සිත යටම
කෝව්ඩ් ලොවපුරා පැතිරෙන බව ඇත්තයි
රැළි පිට රැළි නඟා එන මාදිලි රොත්තයි
පසුබැස පුරුදුනැති අපි හැමටම දස්සයි
මෙවරත් ඇසළ පෙරහර එනවා සත්තයි
පෙර රජදවස සිට පැවැතුන ඇසළ මහේ
සිරි දළදා වඩම්මන මහ මඟුල රැහේ
නෙක වෙස් අරන් නවතන්නට නිතර පහේ
සමතෙකු මෙතෙක් ජයගෙන සිටියාද කොහේ
සැනකෙළි සිරින් නොගියත් මං සිසාරා
සියලුම සිරිත් අඩු නොකරම පුරාලා
ඇතුලත මළුව නෙක ශ්‍රී යෙන් වෙලාලා
මෙවරත් නුවර පෙරහැර එයි දිලීලා
ලොව කොයිතරම් දිව්වත් ඉදිරියට වැරෙන්
අප පොහොසත්ය අගනා හෙළ සිරිත් සරින්
සිරි දන්තදා හිමි වඩවා බැතිවු සිතින්
දිවිහිමියෙන්ම සුරකිමු පෙර සිරිත නිතින්
රෝ බිය සමග නොයෙකුත් බාධා ඇත්තේ
ඒ සැම දරන්නට සවිබළ අඩු නැත්තේ
මරණය රැඟුම් දුන්නත් සිට එළිපත්තේ
නොසැලී හිඳින්නට බුදු මඟමය ඇත්තේ
පිළිගන්නට වැනිය පෙරහැර අද හෙටම
එළියට නොයා හිරවී සිටියත් ගෙටම
පෙරහැර ගෙනෙන අසිරිය ඇත සිත යටම
කෝව්ඩ් ලොවපුරා පැතිරෙන බව ඇත්තයි
රැළි පිට රැළි නඟා එන මාදිලි රොත්තයි
පසුබැස පුරුදුනැති අපි හැමටම දස්සයි
මෙවරත් ඇසළ පෙරහර එනවා සත්තයි
පෙර රජදවස සිට පැවැතුන ඇසළ මහේ
සිරි දළදා වඩම්මන මහ මඟුල රැහේ
නෙක වෙස් අරන් නවතන්නට නිතර පහේ
සමතෙකු මෙතෙක් ජයගෙන සිටියාද කොහේ
සැනකෙළි සිරින් නොගියත් මං සිසාරා
සියලුම සිරිත් අඩු නොකරම පුරාලා
ඇතුලත මළුව නෙක ශ්‍රී යෙන් වෙලාලා
මෙවරත් නුවර පෙරහැර එයි දිලීලා
ලොව කොයිතරම් දිව්වත් ඉදිරියට වැරෙන්
අප පොහොසත්ය අගනා හෙළ සිරිත් සරින්
සිරි දන්තදා හිමි වඩවා බැතිවු සිතින්
දිවිහිමියෙන්ම සුරකිමු පෙර සිරිත නිතින්
රෝ බිය සමග නොයෙකුත් බාධා ඇත්තේ
ඒ සැම දරන්නට සවිබළ අඩු නැත්තේ
මරණය රැඟුම් දුන්නත් සිට එළිපත්තේ
නොසැලී හිඳින්නට බුදු මඟමය ඇත්තේ
WordPress database error: [You have an error in your SQL syntax; check the manual that corresponds to your MariaDB server version for the right syntax to use near ') AND meta_key = '_wp_attachment_metadata'' at line 1]SELECT post_id, meta_value FROM `wp_postmeta` WHERE post_id IN () AND meta_key = '_wp_attachment_metadata'