අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2023 දෙසැම්බර් කලාපය

ඇගේ නම නන්දාය ..... මාලනිය වී ඇතේ හදවතේ

ඇගේ නම නන්දාය ..... මාලනිය වී ඇතේ හදවතේ

ඇගේ නම නන්දාය, කටු ඔටුණු කිසිදාක හිස නැතී

මියුරු හඬ අදත් ඇත , නැත අඩුව මිහිර ඉන් වියැකී

හදවතට තට්ටු කර හීන් කෙදිරිලි නගන මුදු හඬකී

පතමි තවකල් බොහෝ , කරන්නට අපව තුටු යෙහෙකී

රුක් අත්තන මල මුදුනින් මුදු පිය ගුණ සැමරූ

අම්මාවරුනේ තවමත් නැත හැර මව් කිරුළු

සුදු හාමිනේ තුල තනිකම හැංගු

සුරංගීට දුක හිතුනද හෙටත් අපිම හොයමූ

මිහිමඩලේ අදුරු කුසින් අතු පැලටත් රිංගා

බමුණෙක් වුණත් යදමින් බැද තබලා

පවනක් සලා ජනතා දුක කියලා

වෙනසක් නොවුණු එක පුදුමයි එය අහලා

අරලිය ලන්ද , කඩමණ්ඩිය ඔස්සේ

යමුනා ගංතෙරක සුළං කපොල්ලේ දැවටී

රන් කෙන්දකින් අත්වැල් හිත පැටලී

ඔබෙ හඬ අහන්නට තාමත් ජන පෙලකී
View Poem