ඇගේ ගීතය

තුසිතා සුරේකා.මීගමුව
තුසිතා සුරේකා.මීගමුව
2021-November

පහන් කනුවට එහා ලා අදුරු මිටි තැනෙක
ඉගිල යන ගිජුලිහිණි නුඹෙ දෙනෙත දුටුවාද
උස් ලැමට වහන් වූ ලයේ ගිනි නොපෙනේද
හිරු නැගෙන්නට පෙරම නුඹ අතැර යනවාද

තිබුනාට දෙනෙත් නුඹ දකින ගහ කොල වලට
ඇසුනාට සවන් සැප කුටියෙ සිව් කොන් වලට
ගොලුයි නම් ගස් ගලුත් නොහුලනා මේ දුකට
කෙසේ නම් පවසයිද දකින දේ රට්ටුන්ට

මියඇදුන අප්පච්චිගෙ දෙඅවුරුද්දේ බනට
එන එවුන් නුබේ ගැන සල්ලාප දොඩාවිද
ලෙඩ අම්ම නොදන්නා නුඹෙ කොලඹ රස්සාව
දැන ගත්ත දාට ඇගෙ ලය දෙපලු නොවේවිද

නුඹ එවන කාසි වල තියෙන ඝනදුරු රූප
නංගිවත් මල්ලිවත් දකින් නෑ කිසි දිනක
උන්ගෙ කුස පිරුණාම පාවහන් දැම්මාම
පිං දෙනව නුඹට උන් කිසිත් දන්නැති පවට

සරසවියේ බංකු උඩ දිගෑරෙන පිටු අතර
මොර දෙනව ඇද අකුරු මට ශාප කර කරම
කාටවත් හැගෙන්නැති යටි හිතේ ජූරියට
කියාපන් බදින හැටි හැකක් නැති වග උත්තර.