සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2023 මැයි කලාපය

ආහ්ලාදය

මගේ ගෙය පසෙකින්
වැඩෙයි මනරම්
තුරක්,සතුටින්
උදා හිරු සිඹිමින්
ඉඟිමරා
නිල් අහස සමඟින්

මේ කුඩා තුරෙහි
කිචිබිචිය මට
අමා සැප දේ
සුළං රැළි පෙරළේ
රඟයි පලු පත්
නගා සද්දේ

හිඳිමි මම
නැවතී
උදේ රෑ මුමුණමින්
පිබිදී
නොසිතෙ කිසිවිට දී
නොදැක ඉන්නට
තුරේ එසිරී
View Poem