ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආලය තුහින වීමය…

ආලය තුහින වීමය…

සුදර්මා වීරක්කොඩි
2024-June

හීතල වුන හිතක
හිරිගඩු එන්නෙ එලියට
මනසට වියෝ දුක ලග
කදුලු විතරක් සීතල

ඉවර උනහම ගලලම
කදුලුත් සීත නෑ තව
ගල් වෙලා හිතලග
ගුලිවෙයි හිම කුහර තුළ

දැවටෙන නමුදු ලොව තුළ
හැගුමන් නෙවෙයි උණුහුම
පුලුවනිද දවසක
කෝපි සුවදක්ම වෙන්නට

නොවෙයි එය නම් සැබැවින
කෝපිත් නොබී අතහැර
සිසිලේ විදුම අරගන
ආලය තුහින වීමය…