
ආයුබෝවන්
මනුසත් උයනේ මල් පීදේවා
මනදම් සුවඳින් සුසුවඳ වේවා
හදවත් තුළ මෙත් උල්පත් පෑදී
මුලු ලොව ඒ සිසිලෙන් නැහැවේවා
දින දසුනේ කාරිය නිම වෙනවා
කාලයෙ යාත්රාවෙන් දුර යනවා
විමසා බැලුවොත් ආපසු හැරිලා
තුටු විය හැකි නම් එය සෑහෙනවා
අතු ඉති මත නව දළු මුමුණනවා
දිනිතිය ගැබ්බර වී හැඩ වෙනවා
වෙනසක් වී පරිසරයම පිරිලා
ආයුබොවන් නව වසරක් එනවා
2022/12/26.