පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2024 පෙබරවාරි කලාපය

ආන්ත්‍රාවයි!!!

සාංකාවට බෙහෙත් නැති බව
කාත් කවුරුත් දන්නවා...
ඒත් පවනේ තිබෙන විසකින්
වාං කවුළුව ඇරෙනවා....

ආං පින්සල් රැගෙන කවුදෝ
රාත්‍රිය මෙහි අඳිනවා....
ගාත්‍රා අක්ෂරයකින් දිය
ගංවතුර වී ගලනවා....

හීං කෙඳිරිලි හඬක් මැද්දේ
දාං ඉත්තෙක් අදිනවා
රූං කියමින් මළ දෙනක තනි
නීල මැස්සෙක් රකිනවා....

මාත්‍රාවක් රැගත් රුවලක්
යාත්‍රාවක යෙදෙනවා....
ආන්ත්‍රාවයි!!! පුවරුවක් එහි
නේත්‍රාවක තිබෙනවා....
View Poem