සචී ජයවර්ධන

2023 දෙසැම්බර් කලාපය

ආදරානිශංස

ඒ කාලේ ඇති කතා කොච්චරවත්
මත් වුණු පැණි මල්වත්
වැරුවේ නැති තරම්වත් පැණි පුරවන්...

නාකපන වැස්සෙත්
මඟ නොමඟ ගිය පාරෙනුත්
පිට පැන්නෙ හරි හීනියට අපි
මහා සද්දෙට ඇහුණු ලබ් ඩබ් හඬත් තුරුල් කරන්..

සද්දෙ බාල වුණේ හරි හෙමින්
අඟලෙන් අඟල හදපු බැස්මක් වගේ
ඒක හරි වෙනස්
පපුවටම ඇන්න ටොබැකො උගුර
මදුරු කොයිල් දුමක් වුණේ කොහොමද කියලා?
තාම දන්නෑ
ඔයාවත් මමවත්...

- සචී -
View Poem