ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරයෙන් ….

ආදරයෙන් ….

දීපා ද සිල්වා - ලන්ඩනය
2024-June

මහ මෙර තරම්
බර හිස මත රදවාන
අබැටක තරම්වත්
මගෙ හිසෙ නොමදාන
කදුල ද දුකද
නෙත් පතුලෙම සගවාන
සිනහව බෙදා දෙන
අරුමෙකි හැමදාම
මව් පිය සෙනෙහසේ
උණුසුම තවරාන
හිත ලග තනිය
මැකෙනා තුරු ඉගිපාන
ප්‍රේමය කිමැයි
නිරතුරුවම පෙන්වාන
දබ රන් පිළිරුවයි
නුබ මගෙ හද ගාව