චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

2022 මාර්තු කලාපය

ආදරණීයයි

මිහිරි ගී ගයමින්
අත්තෙන් අත්තට පනිමින්
ආදර රැඟුම් පාමින්
තුඩට තුඩ දෙමින්
ආදර බස් පවසයි සෙමින්
එදා,.....
කෝටු කෑලි සොයාලා
පරඬැල් කොල ගෙනල්ලා
තාලයට තියාලා
ඡෝති ගීයක් ගයාලා
හදවත් මත් කලා
අද,......
අළුතින් පදයක් එක් කරලා
සේද නුල් සොරා ගෙනල්ලා
ඇතිරිල්ලක් ගෙත්තම් කරලා
යාබද නිවසේ පියස්සේ
පිල්ල අස්සේ
වට පිට බලමින්
කැදැල්ල සදන්නේ
හොරෙන් හොරෙන්

යාබද නිවෙස දෙසින්
ඇසෙන ආයාචනාත්මක හඬින්
ගයන දුක් ගීයෙන්
මහ රෑක මා අවදිවුයෙන්

කන් දුනිමි නිසොල්මනින්
ගැයෙන දුක් ගීතයෙන්
ආදරය පවසයි යහමින්
සුදු මැණික් මගෙ රත්තරන්
දොර අරින්න ඉක්මනින්
ගෙනාවා රසවත් ඵල යහමින්

සැරි සරද්දි නිදහසෙන්
පැටලුණා මිතුරන් සමඟින්
මී විතක රස බැලුවා කලකින්
කැදැල්ල සොයා ආමි ඉක්මනින්
හනික දොර අරින්න රත්තරන්

කුරුලු ගෙදරක ඇති සතුට සාමය
මිනිස් ලොවෙත් ඇත්නම් .......

15/2/2022
View Poem