
අ ව ස ර
අත්සන් කර නතුකරගත් හැඟුම මෘදු
වස්සානයක් නොව ගිම්හානයකි රුදු
සංතාපයේ ගිලුනින් අත පැලඳි මුදු
රන්මාලයත් ගෙලවට බර වුනිද මදු
අවසර ඇස් පියන් මායිම හැර යන්න
වසරින් වසර ලං වූ සිත තනිවෙන්න
සසරින් සසර සුපුරුදු හැඟුමක් දුන්න
රන්කඳ දියණිවත් මට තියලා යන්න