සුනිල් එස්. සිරිසේන  - මහනුවර

2022 මාර්තු කලාපය

අසංගත වීම

රුදුරු රළ පෙල අවුත්
ගල් කුළු වලට පැරදී
සුදු පෙණ පිඬු නගමින්
සයුරට ම ඇදී යයි

පහන් කණුව පාමුල
අඳුරට ඉඩ දෙමින්
බලා සිටියෙමි
නව මිනිසුන් පැමිණ
නව අදහස් රැගෙන
පල්වෙන මිහිතලය ම
කළඹන්නට කැස කවන අපුරුව

අඩක් නිම වු වැඩ
නිමා නොවනා වැඩ
අත ගැසු වැඩ
තැන තැන ඉතිරි කොට
හිරු අසංගත වේවි
මොහොතකින්
අද දිනය නිමා කොට

එළිය දල්වනු ඇත
පහන් කණුවේ දැන්
අඳුර ද වැඩි වේවි
පහන් කණුව යට
View Poem