විදර්ශා පතිරත්න කොබෙයිගනේ

2023 දෙසැම්බර් කලාපය

අවසරයි මට වරක් ඔය දෙපා සිප ගන්න

කවිකාර නෙත් දෙකේ කිමිඳිලා සැනසෙන්න
පිනි ඉහෙන සීත⁣ලේ උරතලේ සැතපෙන්න
සංසාරෙ හමුවෙනා පැතුමකට පණ දෙන්න
අවසරයි,මට වරක් ඔය දෙපා සිප ගන්න

අතින් අත අල්ලාන මහ දුරක් ඇවිදින්න
මේ භවයෙ ඉඩ නැතත් මතකයක් වී ඉන්න
කවියකට තව වරක් අපෙ හීන අමුණන්න
ඇත්තමයි එයම ඇති හිත හදාගෙන ඉන්න

භාවනාවක් වගේ නෙත් පියන් විඳගන්න
ගැහෙන පපුවක් මැද්දෙ මේ සුසුම් දවටන්න
හීනියට නළලතේ මුදු හාදු තවරන්න
සිදුවේවි මේ භවය නිමාවෙන තුරු ඉන්න
View Poem