වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය

2023 මැයි කලාපය

අවබෝධයෙන් මහළුමඩමක්‌ බුක් කලෙමි.

මාලිගාව
බිල්ඩිමක් විතරයි
දළදාව
දාතු පිරිනිවන්පාන දවසට

වඩුකුරුළු කූඩුව
ගෘහනිර්මාණයක්‌ විතරයි
පැට්ටු
ඉගිලෙන දාට

ඉදල
පුරාවස්තුවක් විතරයි
කොස් ගහ
කපපු දාට

මං
පදාර්ථයක් විතරයි
ළමයි
ලොකුවුන දාට...
View Poem