
අරුම සෙවනැලි
ළමාවිය ළංවී ළයට තුරුළු ව
ළපටි අරුමෝසම් දමද්දී
නොතේරුණු දෑ බොහොම
බැරෑරැම් වී එද්දි
සිත සළිත ව ගියේ
ළාමක ව රිදවමින්
සිතාගත නොහැකි වී…
අනෙක්වුන් පොරකද්දි
ජීවිතය දකිනු ව ජයට
මා ගියේ ගනු පිණිස
වැහැරෙන මගෙ දිවිය
මිහි දනට නොදෙනු පිණිස…
අක්කා නොසිටින්නට
ඒ කර්තව්යයත් හමාර ය
වසර දෙක-තුනකටත් එහා
එහෙනම් මේ කව නොලිය වී…
දෙනෝදහසකගෙ දිවි
තොර කැරෙන සන්ධිස්ථානයට
මම ද ගියෙමි අපේකෂාවකින්
වික්ෂිප්ත වූ මගේ හද පෙලා
නැගුණේ නෙතග කදුළක්
උපහාසාතමක හඩින් හඩන්නට
ඉකි ගස-ගසා වෙව්ලන දෙකොපුලෙන්…
වට-පිට බැලීමි…
නෑ අයියා පෙනෙන්නට
පුරුදු අක්කාගේ මුහුණ
විඩාබර පියවෙන නෙත් පියන්
විටින්-විට…
කෝ කුමාරී – චූටී කොහේ ද
අයියාට කීවේ නැද්ද… එනවැයි කිවේ නැද්ද…
කරදරයි අයියට
කොච්චර දුරක් එන්න ද
දකින්නත් ආසයි
අක්කෙ අපි එන්න කියමු ද
තවත් එක සැරයක්… ආසයි බලන්නට
මං ඉතින් මේ පුටුවෙ ජීවිතේ ගෙවනවා
එහාටත් – මෙහාටත් -කැරකෙමින් ඉන්නවා
සකය මත ජීවිතය නැවතිලා… නැවතිලා…!
01.10.2022