ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

2022 දෙසැම්බර් කලාපය

අරුමැසි දසුන

ලොවම නිදන මැදියම සඳරැස් ගලනා
නිවා සිත්සතන් සැනසිල්ලක් දැණුනා
පුදබිම සිතුල්පව්වේ රහතුන් විසුව
පොසොන් දිනේ සිහිළැල් සුළඟක් හමනා

සොඳුරු මතක අතරින් මුල් තැන ගන්නා
අරුමැසි දසුන කිමදැයි නිකමට සිතුනා
පුලතිසි පුරේ ගල් වෙහෙරට ගිය දවස
අසිරිය දුටු ගමන් හුස්මත් නතර වුනා

අත්විඳි නිසා අනතුරු බාදා එමටා
නුහුරු තැනක පිය මැන්නේ විමසිල්ලෙන්
රම්මල් කන්දට යද්දී නොසිතු ලෙසේ
පා පැටලුනා අකුණු ගසන වරුසාවේ

පන්හිඳ අතට ගෙන ලීවට මවා රස
දුකමය නිරතුරු රියසක මෙන් දිවියේ
පුංචි එරන් පුංචි එරන් පුංචි කලේ
නෙක ගුණ දෝන ඉසබෙල් පෙරුමල් දිගැස
View Poem