නයනශාන්ති දිසානායක

2024 ජනවාරි කලාපය

අපේක්ෂා' ව...

රහම ගම මහරගම කියා ලියලා තිබුණ
'අපේක්ෂා' වක් පතා බස් එකක් දුවන් යන
එක වේදනාවක් තවත් කරන්ට් එකකින් දවන
ඒක දැක දැකගන්න උන තව හදක් පන අදින

ආදරේ ඉතිරි උන ලොකු පුංචි කාරනා
මතක ඉතිරිම කරන හදේ ගැඹුරුම කතා
සොඳුරු මං සලකුණුය දිවි ගමන තබා ආ
රුදුරු වී ඇත මෙලෙස සංසාර ධර්මතා

රසම දේ හොදම දේ හැකිම ලෙස ගෙනල්ලා
හිනාවෙන් දිරිය දී ගිලගන්න උහුලලා
ඇස් කොනෙන් අයදින්නෙ ජීවිතේ ඉල්ලලා
'අත් හරිනු නම් එපා' දරා ගමු එක් වෙලා

ගන්න හුස්මක් ගානේ දි කරන් අනුමෝදනා
මලක් පහනක් පුදා නිතින් සිහි කරවනා
දරා ගන්නට දුන්න දුකේ බර විදවනා
දැක දැක ම දෙවියන්ට යා හැකි ද පිටුපා...!
View Poem