
අපි තුන්දෙනා
අපි තුන්දෙනා
රහීම් – වේලායුදන් – මමත්
එකම හිරුගේ රැස් විඳිමින්
බස් නැවතුමේ – පාසැල් සේවය බස් එක එනතුරු
කැඩුණු සිංහලෙන් – කැඩුණු දෙමලෙන්
කතා කරමින් සිටි හැටි – අදත් මතක් වෙනවා
පාසැල් බසයේ අපි ඉඳ ගන්නෙත් එකම සීට් එකේ
පාසැල් බස් එක ටවුමට සේන්දු වුනාම
අපි බසයෙන් බැසගන්නෙත් එකටම
සිංහල බෞද්ධ පාසැලට මම යද්දී
රහීම් ගියා මුස්ලිම් ඉස්කෝලෙට
වේලායුදන් ගියා ද්‍රවිඩ පාසැලට
පාසැල් සේවය බසයේ
උදේ හවස එකම සීට් එකේ ගියාවාගේ
එකම ඉස්කෝලෙකට අපිට යන්න ලැබුනනම්
අපි ඔක්කොම වැසියෝ – ඔක්කොම නෑදෑයෝ
26 දෙසැම්බර් 2021