ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අප්පචිචියෝ සුරාව නිසා මා මියදෙනවා

අප්පචිචියෝ සුරාව නිසා මා මියදෙනවා

සඳුනිකා ඉන්දීවරී
2024-June

සංසාර සයුරේ කිමිදී සොයා ඇවිල්ලා
මහන්සියට නැවතුනා කුසක් සොයලා
අම්මගේ බන්ඩියට මං හොරෙන් රිංගලා
අප්පචිචියෝ දන්නවද මාස හතක් ගත වෙලා

දෑත් දෙපා ගුලිවී ඇස් වහන් ඉන්නවා
උණුසුමයි කලුවරයි මට බය හිතෙනවා
අම්මා බන්ඩිය අත ගා ගීයක් මුමුනනවා
අප්පචිචිගේ කටහඬ ආදරේ මං හොයනවා

හේතු කියාගෙන බොරු අම්මට මවනවා
අම්මගේ හුස්ම පොදින් මට දුමාරයක් එනවා
නහර සිද වේදනා මැදින් න් මට රිදෙනවා
හිතට සැනසිල්ලක් නෑ බන්ඩියේ මං අඩනවා

සිලිං බිලිං සල සල ගා බඩු ඇහෙනවා
මහහයියෙන් රලු වදනින් දෙසවන් පිරෙනවා
තැවී තැවී දිවා රෑ මුලුල්ලේ මං ගැහෙනවා
ගංජා කුඩු සුරාමතින් අප්පචිචි රජකම් කරනවා

දසමස සපිරී විලිරුදා දී දිනය එලබෙනවා
ලොව වේදනා වැඩිම දුක දී මං බිහිවෙනවා
ලේ විලක් මැද හුස්ම හිරවෙන බව දැනෙනවා
අනේ අම්මේ වෛරයක් තරහක් නෑ
අප්පචිචියෝ සුරාව නිසා මා මියදෙනවා….

✍️📖️🖋